


අපි දෙවියන් වහන්සේගේ වචනය අධ්‍යයනය කරමු
"ඉතින් එන්න, අපි කාරණා කථා කරගනිමුයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹලාගේ පව් රතු පාට මෙන් තිබෙන නුමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේය; ඒවා ලාක්ෂා මෙන් රතුව තිබෙන නුමුත් සුදු ලොම් මෙන් වන්නේය."
යෙසායා 1:18

About Me - Asiri Fernando
Computer Science Lecturer, University of Wales Trinity Saint David, Kingston University United Kingdom
මා දයාබර මිතුරු මිතුරිය, මෙය සිංහල ක්‍රිස්තියානි වෙබ් අඩවියකි.කතෝලිකයකු ලෙස මෙලොව උපත ලැබූ මා මාගේ දෙමාපියන්ගේ මගපෙන්වීමෙන් ශුද්ධ ලියවිල්ල අධ්‍යයනය කිරීමට පසු කලෙක පෙළඹීම නිසා මට වයස අවුරුදු දහසයේ දී පමණ ක්‍රිස්තුස් වහන්සේව මාගේ පෞද්ගලික ගැලවුම්කරුවාණන් ලෙස පිලි ගත්තෙමි. එතැන් පටන් ශුද්ධ ලියවිල්ලේ පදනම මත ගොඩනැගෙමින් ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිය සහ අනාගත වාක්‍ය පිළිබඳ සත්‍යය ලෝකයට හෙළිදරව් කිරීමටත් දැන් ස්වර්ගයේ පවත්නා විනිශ්චය හා ඊට සූදානම් වෙමින් මනුෂ්‍යයා තුළ ඇතිවිය යුතු පසුතැවීම ප්‍රකාශ කිරීමටත් දෙවියන් වහන්සේගෙන් මා ලැබූ ආලේපය තුළින් බොහෝ ආත්ම වලට කතා කිරීමට උන්වහන්සේ මාව තෝරාගෙන ඇති අතර බොහෝ දෙනෙකුවූ අප ක්‍රිස්තුස්වහන්සේ දිවි දී පවිත්‍ර කරනු ලැබුවා වූ සභාව තුළ නිකැලැල් ශුද්ධ සෙනගක් ලෙසින් උන්වහන්සේගේ පැමිණීමේදී ඒකත්වයක්ව පෙළගැසී සිටීමට මෙම වෙබ් අඩවිය ඔබ සැමට ආශීර්වාදයක් වේවා යන්න අපේ පැතුමයි. ලෝකයේ ගුරුකම්වලින් ඉවත්ව ශුද්ධ ලියවිල්ල කරණ-කොටගෙන සත්‍යතාවය සෙවීමට අප වටා රැස්වෙන ඔබ සියලු දෙනාම සාදරයෙන් පිලිගන්නවා. දෙවියන් වහන්සේගේ නාමයට ගෞරවයත්, මහිමයත්, ප්‍රශංසාවත් හිමි වේවා!!