top of page

දයාබර මිතුර මිතුරිය, දේව වචනය පිළිබඳව බොහෝ ව්‍යාජ ඉගැන්වීම් සහ වැරදි අර්ථකතනයන් වලින් මුළු කිතුනු සමාජයම වෙලාගෙන තිබෙන කාලයක ජීවත් වෙන ඔබත් මමත් ශුද්ධ ලියවිල්ලේ නිධාන කොට තිබෙන ශුද්ධ වූ ආලෝකය ඉතාම නිවැරදි ලෙස ශුද්ධ ලියවිල්ල තුලින් ම ඉගෙන ගැනීම උන්වහන්සේගේ ආශාවයි. ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් යම් ඉගැන්වීමක් පිළිබඳව අප නිගමනයකට පැමිණිය යුත්තේ එම කාරණය පිළිබඳව ශුද්ධ ලියවිල්ලෙන්ම පිළිතුරු සෙවීමෙන් පමණයි. යම් ධර්මතාවයක් පිළිබඳව බයිබල් පාඨ රාශියක් අධ්‍යනය කොට උන්වහන්සේගේ කැමැත්ත සෙවීම තුලින් මිත්‍යාවෙන් ඈත්වී සත්‍යතාවය තුල ආලෝකයේ දරුවන් මෙන් ජීවත් වන්නට උන්වහන්සේ අපට මගපෙන්වන බවට පොරොන්දු වී තිබෙනවා.

 

ඔබ මොන ආගමකට අයත් වුවත්  සත්‍යතාවය හරි හැටි ඉගෙන ගැනීමට ඔබ තුල කුතුහලය තිබිය යුතු අතර එය ඔබව පුර්ණ සත්‍ය දැනගැනීම කරා මගපෙන්වන බවට උන්වහන්සේ පොරොන්දු වී තිබෙනවා. මෙම ආශිර්වාදලත් අත්දැකීම තුලින් ගමන් කල කෙනෙක් ලෙස ශුද්ධ ලියවිල්ල තුලින්ම ශුද්ධාත්ම මගපෙන්වීමෙන්  ඉගෙනගෙන තහවුරු කර ගත් ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් පූර්ණ වූ සත්‍යතාවයන් ඔබගේ ගැලවීම පිණිස, මිත්‍යාවෙන් ඈත් වී ආලෝකයේ දරුවෙක් මෙන් ජීවත් වෙන පිණිස දේව ගෞරවය පිණිස ඔබ ඉදිරියෙහි තබන්නට කැමැත්තෙමි. 

ඔබට මෙම දේශනා වලට සවන් දීමෙන් පසුව යම් ගැටළුවක් ඇත්නම් මා හා සම්බන්ධ වී ශුද්ධ ලියවිල්ලෙන්ම එම සියලුම ගැටළු නිරාකරණය කර ගන්නට ආරාධනා කරනවා. මෙම සියලු දේශනයන් වලට සවන් දීම තුලින් ශුද්ධ වූ සත්‍යතාවය ශුද්ධාත්ම මගපෙන්වීමෙන් දැන ඉගෙනගෙන පියාණන් වහන්සේගේ කැමැත්ත කරමින් ජීවත් වෙන කිතුණුවෙක්  වන්නට ඔබට දේව මගපෙන්වීම ලැබේවා ! ඔබට ජේසු පිහිටයි !

එළිදරව් පොත ඉගෙන ගනිමු

දානියෙල් පොත ඉගෙන ගනිමු

Heading 1

revelation.jpg
TheBookOfDaniel_PosterSource.jpg

මතභේදකාරී ඉගැන්වීම් වලට ශුද්ධ ලියවිල්ලෙන් පිළිතුරු 

bible study.jpg

බයිබලය මුල සිටම

controvasial bible teachings.jpg
bottom of page