
දේව සේවයට සහයෝගය දක්වන්නාවූ අපේ සහෝදර සහෝදරියන්














































































































































































අප සාමාජික සාමාජිකාවන්ගේ සාක්ෂි දැරීම් සහ ගීතිකා
තොඩුවාව සභාවේ තරුණ කාන්තාවන්
සංජීව සහෝදරයාගේ සාක්ෂිය
මැණික් සහෝදරියගේ ගීතය
නෙල්කා සහෝදරියගේ සාක්ෂිය
මාරි සහෝදරියගේ සාක්ෂිය
දයා කොස්තා සහෝදරයාගේ ගීතය
"දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇති සියල්ලෙනි, ඇවිත් අසව්, උන්වහන්සේ මාගේ ආත්මය උදෙසා කළ දේ ප්‍රකාශකරන්නෙමි." ගීතාවලිය 66:16
"බලව, ගළවන්ට බැරි ලෙස ස්වාමීන්වහන්සේගේ අත කොටවෙලාවත් නෑසෙන ලෙස උන්වහන්සේගේ කන බිහිරිවෙලාවත් නැත."යෙසායා 59:1
දයාබර මිතුර මිතුරිය; අප අතර සිටින බොහෝ සහෝදර සහෝදරියන් නොයෙකුත් කරදර අමාරුකම් වලට මුහුණ දෙමින් සිටින අතර අපි ඔවුන්ගේ ඉල්ලීම් ස්වර්ගීය මණ්ඩපය වෙතට ඔසවමු. සිතේ අවංක කමින් අප කර තිබෙන්නාවූ පාප වලට උන්වහන්සේගෙන් කමාව යදිමින්, පාප අත්හරිමින් උන්වහන්සේගේ මුහුණ සෙවුවොත් උන්වහන්සේ ස්වර්ගයේ සිට අසා, අපේ පාප වලට කමාව දී අපේ ඉල්ලීම් ඉටු කරන බවට පොරොන්දු වී ඇති බැවින් මෙම ඉල්ලීම් උන්වහන්සේ වෙතට දිනපතාම ඔසවමු.
යාච්ඤා ඉල්ලීම්
ශාලිකා ඉතාලිය -ඇගේ නව හැවිරිදි පුතාට පාසල් කටයුතු සම්බන්ධයෙන් ගැටළු මතුවී තිබෙනවා.
යාච්ඤා ඉල්ලීම්
විනීතා සහෝදරිය සයිප්‍රස් - ඇගේ දියනිය හර්ෂණීගේ පවුල දෙවියන් වහන්සේ වෙත ලං කරන්න කියා යාච්ඤා කරන මෙන් ඉල්ලා සිටිනවා.
යාච්ඤා ඉල්ලීම්
එස්තර් සහෝදරිය
සයිප්‍රස් - යහපත් සෞඛ්‍යය තත්වයක් පවත්වාගෙන යෑමට යාච්ඤා කරන මෙන් ඉල්ලා තිබෙනවා.
යාච්ඤා ඉල්ලීම්
ශාමිලා සහෝදරිය - එක්සත් රාජධානිය. දැනට ඇය නිවාසයක් මිලදී ගැනීමට යාම සම්බන්ධයෙන් ප්‍රශ්නයකට මැදි වී තිබෙනවා.
යාච්ඤා ඉල්ලීම්
සත්‍යා සහෝදරයා - සයිප්‍රස් - වීසා එක සම්බන්ධයෙන් ගැටලු රාශියක් මතු වී තිබෙනවා.
යාච්ඤා ඉල්ලීම්
ශාමලී සහෝදරිය ඇයට විදේශගතවීමට මුදල් ප්‍රශ්ණයක් මතුවීතිබෙනවා.
යාච්ඤා ඉල්ලීම්
අමන්දා සහෝදරිය, ඔස්ට්‍රේලියාව - අගේ නිශ්ශබ්ද ඉල්ලීමක් තියනවා. ඒ ගැනත් ඇගේ ආත්මික ජීවිතය පිළිබඳවත් යාච්ඤා කරන්න.
යාච්ඤා ඉල්ලීම්
වරුණි සහෝදරිය, ඉතාලිය - අලුතින් ආරම්භ වන පාසල් වාරය සදහා දරුවන් යොමු කිරීමට ඇති බිය පිළිබඳව යාච්ඤා කරන්න.
යාච්ඤා ඉල්ලීම්
කුසුම් සහෝදරිය, ස්වීඩනය - හේසල් දුවගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ දේව මගපෙන්වීම ලැබෙන්න කියා අපි යාච්ඤා කරමු.
යාච්ඤා ඉල්ලීම්
සයිප්‍රස්හී වෙසෙන යසෝ මැණිකේ සහෝදරිය - වීසා ලබාගැනීම සම්බන්ධයෙන් ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට අපි යාච්ඤා කරමු.
යාච්ඤා ඉල්ලීම්
ඩිලානි සහෝදරිය, ප්‍රංශය - කොරෝනා වයිරසය නිසා තවමත් පීඩා විඳින ලාංකිකයන් ගැන යාච්ඤා කරන මෙන් ඇය ඉල්ලා සිටිනවා.
යාච්ඤා ඉල්ලීම්
නිමේෂා සහෝදරියට ණය බරින් නිදහස් වීමට දේව මගපෙන්වීම ලැබෙන්න කියා අපි යාච්ඤා කරමු.
යාච්ඤා ඉල්ලීම්
ඩුබායිහි වෙසෙන ලහිරු - සුභා යුවල ගැන අපි යාච්ඤා කරමු.
යාච්ඤා ඉල්ලීම්
ලක්ෂාන් සහෝදරයා, ඩුබායි - රැකියාවක් නොමැතිව ඩුබායිවල අසරණ වී සිටිනවා.අපි ඔහු ගැන දෙවිදුන් යදිමු.
යාච්ඤා ඉල්ලීම්
ලක්මිණි සහෝදරියගේ සහෝදරයා පිටරටක රැකියාවක් නොමැතිව පීඩා විඳිනවා. ඔහු ගැන අපි දනින් වැටී යාච්ඤා කරමු.
යාච්ඤා ඉල්ලීම්
ආතරයිටිස් රෝගයෙන් පීඩා විදින දෙදරු මවක් පිළිබඳව අපිට යාච්ඤා ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා අපි ඒ ගැන යාච්ඤා කරමු.
යාච්ඤා ඉල්ලීම්
අමාලි සහෝදරිය, ඉතාලිය - ඇගේ මව ඉතාලියට ගෙන්වා ගැනීම උදෙසාත් ඔවුන්ගේ පවුලේ සමාදානය උදෙසාත් යාච්ඤා කරන්න.
යාච්ඤා ඉල්ලීම්
ප්‍රියා සහෝදරියගේ මව වන මේරි ග්‍රේස් සහෝදරිය ගැන අපි යාච්ඤා කරමු.
යාච්ඤා ඉල්ලීම්
ඉතාලියේ ඔගස්ටා සහෝදරියගේ හදවතේ තෙබෙන ආබාධය පිළිබඳව යාච්ඤා කරන්න.
යාච්ඤා ඉල්ලීම්
ඉතාලියේ චමිලා සහෝදරිය ඇගේ පවුලේ අයට දෙවියන් වහන්සේ අඳුනා ගන්න ලැබෙන්න කියා යාච්ඤා කරන්න.
යාච්ඤා ඉල්ලීම්
ජසින්තා සහෝදරිය, සයිප්‍රස්- ඇගේ කකුලේ සුව නොවන තුවාලයක් සෑහෙන කලක සිට තියෙනවා. ඇයට සුවය පතා යාච්ඤා කරන්න.
යාච්ඤා ඉල්ලීම්
මෙිනකා සහෝදරිය - ඇගේ මොලයේ ශල්‍යකර්මයක් කරලා තියෙනවා. පියා නැති දරුවන් සිටින ඇගේ පවුල ගැන යාච්ඤා කරන්න.
යාච්ඤා ඉල්ලීම්
මල්කි තරුණ සහෝදරිය, මහියංගනය - ඇගේ උසස් පෙළ විභාගය ගැන යාච්ඤා කරන්න.
යාච්ඤා ඉල්ලීම්
නිහඬ ඉල්ලීම් - (ටෙරී සහෝදරයා - ඔස්ට්‍රේලියාව, ෆෙරිකා සහෝදරිය, අයේෂා සහෝදරිය - ඉතාලිය)
යාච්ඤා ඉල්ලීම්
නිරාෂා සහෝදරිය - ප්‍රංශය - මාස තුනක සිට අතේ අමාරුවක් සෑදී තිබෙනවා. එසේම ඇයට ගර්භාශයේ යම් රෝගයක් තිබෙන අතර ඇය වෙනුවෙන් යාච්ඤා කරන්න.
යාච්ඤා ඉල්ලීම්
ශෂිකා දියණිය - ප්‍රංශය - ඇගේ අවසන් විභාගය සඳහා සූදානම් වෙමින් පසුවෙනවා. ඒ ගැන යාච්ඤා කරන්න.
යාච්ඤා ඉල්ලීම්
දිලානි සහෝදරිය - ප්‍රංශය - ඇයට තදබල කොන්දේ කැක්කුමක් තිබෙනවා. අපි ඇය ගැන යාච්ඤා කරමු.
යාච්ඤා ඉල්ලීම්
නිලූ සහෝදරිය වෙනුවෙන් අපි යාච්ඤා කරමු.ඇය නව නිවසකට යෑමට සැලසුම් කොට තිබෙන අතර ඇගේ මුදල් ප්‍රශ්න විසඳා දෙන්න කියා අපි දෙවිඳුන් නමඳිමු. .
යාච්ඤා ඉල්ලීම්
චාපා සහෝදරිය (ඕස්ට්‍රේලියාව) ගැන අපි යාච්ඤා කරමු. ඇයට ඇගේ දියණිය එම රටට ගෙන්වා ගැනීමටත් ඇගේ මානසික සහනය උදෙසාත් අපි දෙවිඳුන් නමදිමු.
යාච්ඤා ඉල්ලීම්
මාලනී සහෝදරියගේ සැමියාගේ (එක්සත් රාජධානිය) රැකියාව ගැන අපි උන්වහන්සේට කන්නලව් කරමු. ඔහුගේ රැකියාව පිළිබඳව අවිනිශ්චිත තත්වයක් මතුවී තිබෙනවා.
යාච්ඤා ඉල්ලීම්
රේචෙල් සහෝදරියට වකුගඩුවක් බද්ධ කර තිබෙනවා. ඇයට සහ වකුගඩුව පරිත්‍යාග කල ඇගේ සහෝදරයාට සුවය පතා උන්වහන්සේට කන්නලව් කරමු.
යාච්ඤා ඉල්ලීම්
ඔබ ගැන, ඔබගේ පවුල ගැන යාච්ඤා ඉල්ලීම් තිබෙනවා නම් අප වෙත යොමු කරන්න. ඔබ වෙනුවෙන් සමිඳුන් යදින්නට අප සූදානම්.
යාච්ඤා ඉල්ලීම්
නිලූ සහෝදරිය වෙනුවෙන් අපි යාච්ඤා කරමු.ඇය නව නිවසකට යෑමට සැලසුම් කොට තිබෙන අතර ඇගේ මුදල් ප්‍රශ්න විසඳා දෙන්න කියා අපි දෙවිඳුන් නමඳිමු. .
යාච්ඤා ඉල්ලීම්
මැණිකා සහාේදරිය - පපුවේ මහන්සිය තියෙනවා. ආර්ථික ප්‍රශ්න තිබෙනවා.
යාච්ඤා ඉල්ලීම්
රෝදපුටුවක වෙසෙන රවීන්ද්‍ර සහෝදරයා පිළිබඳව අපි යාච්ඤා කරමු. දැනටමත් දෙවියන්වහන්සේ අපගේ යාච්ඤා අසමින් ඔහුව ස්පර්ශ කර ඇත. ඒ ගැන අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු
යාච්ඤා ඉල්ලීම්
නිමාලි - සයිප්‍රසය - ඇයගේ වකුගඩු වල ගල් හැදිලා ශල්‍යකර්මක් කර ඇත. නැවතත් ගල් සෑදී ගොඩක් වේදනාවෙන් සිටිනවා. ඇයට ඉක්මන් සුවය පිනිස යාච්ඤා කරන්න.
යාච්ඤා ඉල්ලීම්
නිලන්කාගේ පුත් සෙනුර- වයස 16. විශේෂ දක්‍ෂතා ඇති දරුවෙක් ඉංග්‍රීසි වලින් උසස් පෙළ විභාගය කිරීමට සූදානම්. ජපන් රටට යාමට ඔහුගේ බලාපොරොත්තුව, ඔහු වෙනුවෙන් යාච්ඤා කරන්න.
යාච්ඤා ඉල්ලීම්
වසන්ති - ඇයගේ සැමියා හදවත් සැත්කමක් කර ඇත. ඔහුට සහ ඇයගේ හාම්පුතා වයස 104 ක් ඇය වෙනුවෙනුත් යාච්ඤා කරන්න.
යාච්ඤා ඉල්ලීම්
මංජුලාගේ පවුලේ අයට අධික වර්ෂාව නිසා පීඩා විඳිනවා. ඒ වෙනුවෙන් යාච්ඤා කරන්න.
යාච්ඤා ඉල්ලීම්
කුමාරි සහෝදරිය - ඇයගේ හාම්පුතා පඩි පෙලින් වැටිලා කකුල් අත් කැඩිලා ඇඳක් මත බට මාර්ගයෙන් කෑම බීම දීමට සිදු වී ඇත. ඒ වෙනුවෙන් යාච්ඤා කරන්න.
යාච්ඤා ඉල්ලීම්
අනුලා - ඇයගේ පුතා ඩුබායි දේශයේ රැකියාව කළද ඔහුව මේ වන විට සව්දියේ මුහුදු රැකියාවකට යවා ඇත. ඒ වෙනුවෙන්ද ඇගේ දියණියන් දෙදෙනා වෙනුවෙන්ද යාච්ඤා කරන්න.
යාච්ඤා ඉල්ලීම්
ශ්‍රියානි - ඇය කොරෝනා සමයේ ලංකාවට පැමිණ ආපසු ඒමට ලක්ෂ දෙකක මුදලක් ගුවන් ටිකට් පත සදහා නයට ලබාගෙන ඇත. ඇයට ඇති මුදල් අපහසුතාවය ගැන යාච්ඤා කරන්න.
යාච්ඤා ඉල්ලීම්
මේනකා - ඇයගේ පුතා බවිඳු, පියාගේ වියෝව නිසා මානසික ආතතිය නිසා පාසල් යාම නතර කර ඇත. උසස් පෙළ විභාගයට සූදානම් වෙනවා. ඒ දරුවා වෙනුවෙන් යාච්ඤා කරන්න.
යාච්ඤා ඉල්ලීම්
නෙලීටා සහ ඩේවිඩ් - කැලිෆෝර්නියා - ලැව් ගින්න නිසා එම පවුල පීඩාවට පත්ව සිටිනවා. ඒ අයගේ ආරක්ෂාව වෙනුවෙන් යාච්ඤා කරන්න.
යාච්ඤා ඉල්ලීම්
කයිල් සහ කැන්ඩිස්, ෂර්ලි සහ ෂර්මන් කරදරයට පත්ව සිටිනවා. ඒ අය වෙනුවෙන් යාච්ඤා කරන්න.
යාච්ඤා ඉල්ලීම්
කැලිෆෝර්නියා වල ලැව් ගින්න නිසා වායු දුෂණය අධික වී තිබෙනවා. ජොන්සන් සහෝදරයා සහ රූපා සහෝදරිය ගැන යාච්ඤා කරන්න.
යාච්ඤා ඉල්ලීම්
ජොන්සන් සහෝදරයා සහ රූපා සහෝදරියගේ දියණිය විදුහල්පතිනිය ලෙස සේවය කරන විදුහල නව වසර අරඹා තිබෙනවා. කොරෝනා වයිරසයෙන් ආරක්ෂා කර දෙන ලෙස යාච්ඤා කරන්න.
යාච්ඤා ඉල්ලීම්
රොසානා සහෝදරිය - පොලියට ගත් මුදලක් පියවන්නට ණයක් ගන්න සූදානම් වෙනවා.ඇගේ ණය ප්‍රශ්නය විසඳා ගන්න දෙවියන් වහන්සේගෙන් කරුණාව ඉල්ලා අපි යාච්ඤා කරමු.
යාච්ඤා ඉල්ලීම්
ෆරීකා සහෝදරියගේ මව පවත්වාගෙන ගිය රැකියාව වසා දැමීමට සිදු වී තිබෙනවා.දේව කැමැත්තක් වේනම් ඔවුන්ගේ දෑතේ වැඩට අාශිර්වාද කරන ලෙස ඉල්ලා යාච්ඤා කරමු.
යාච්ඤා ඉල්ලීම්
පොලිය නැතිව ණය පමණක් ගෙවා ගන්නට යාච්ඤා කරන මෙන් ප්‍රියංකා සහෝදරිය කළ ඉල්ලීම උදෙසා කල යාච්ඤාවට දෙවියන් වහන්සේ ආශිර්වාද කොට තිබෙනවා.
යාච්ඤා ඉල්ලීම්
සමීර - ඔහුගේ වකුගඩු දෙකම නරක්වීම හේතුවෙන් දැන් රෝහල් ගත කර ඇත ඔහුට සුවය පතා යාච්ඤා කරන්න
යාච්ඤා ඉල්ලීම්
ඔබ ගැන, ඔබගේ පවුල ගැන යාච්ඤා ඉල්ලීම් තිබෙනවා නම් අප වෙත යොමු කරන්න. ඔබ වෙනුවෙන් සමිඳුන් යදින්නට අප සූදානම්.